නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිය මත්ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබේ. සැප්තැම්බර් 23 වැනිදා කොළඹදී පැවති දෙරටේ මත්ද්‍රව්‍ය පාලන ආයතන අතර පස්වැනි අධ්‍යක්ෂ ජනරාල් මට්ටමේ සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත.
ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්. සුධාකර් මහතා ඉන්දීය දූත පිරිසට නායකත්වය ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ජී.එල්. අශෝක ධර්මසේන මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබාදී තිබේ. දෙරටේ පොලිස්, වෙරළාරක්ෂක, නාවික, රේගු සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන් ද සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙහිදී විශේෂයෙන් මුහුදු මාර්‌ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමේ නව ප්‍රවණතා, සංවිධානාත්මක අපරාධ ජාල හඳුනාගැනීම, බුද්ධි තොරතුරු හුවමාරුව සහ විමර්‌ශන කටයුතු සම්බන්ධීකරණය පිළිබඳව අවධානය යොමු කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්, ජාවාරම් මාර්‌ග සහ ක්‍රමවේද පිළිබඳ ක්‍රියාත්මක කළ හැකි බුද්ධි තොරතුරු ද දෙපාර්‌ශවය අතර හුවමාරු කරගෙන ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්‌යාලය සඳහන් කරයි.
















