හොරොව්පොතාන පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහළ කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී 21 හැවිරිදි තරුණයෙක් ඊයේ (25) සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අමීර්දීන් මුලව්පර් සහ්රාන් නමැති තරුණයෙකු බවයි.
මූලික විමර්‌ශනවලදී අනාවරණ වී ඇත්තේ තරුණයා පෙරේදා (24) සිය සහෝදරිය සමඟ ගවයන් බැලීම සඳහා ගොස් ඇති බවයි. එහිදී සහෝදරියට දර ලබාදී තමන් පසුව පැමිණෙන බව පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, පසුව නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා සෝදිසි කර තිබේ.
















