මාවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනම අඟල් 4 බැගින් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි. මෙම තත්ත්වය මත ජලාශයෙන් බැහැර වන ජලය හේතුවෙන් පහළින් පිහිටි කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ද විවෘත කර ඇත.
ජලාශ තුනකම වාන් දොරටු එකවර විවෘත වීම නිසා කැළණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. මීට අමතරව විමළසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු ද තවදුරටත් විවෘත කර ඇති බැවින්, ගඟ දෙපස පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටී.
















