ඉන්දියා ගේට් සිට ඩෙල්හි පොලිස් මූලස්ථානය දක්වා සැප්තැම්බර් 5 වන දින පැවැත්වීමට නියමිත සිවිල් ජනතා හඬ කැරපොතු පක්ෂයේ විරෝධතා පාගමන වළක්වාලමින් නියෝගයක් නිකුත් කිරීම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල පෙන්වා දී ඇත්තේ මෙම කටයුත්තට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් හේතුවක් නොමැති බවත්, මෙය නීතිය හා සාමය පිළිබඳ ගැටලුවක් බැවින් ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ අදාළ බලධාරීන් විසින් බවත්ය.
TIMES NOW පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණයත් සමඟ සැලසුම් කළ පරිදි අදාළ විරෝධතා පාගමන පැවැත්වීමට මග පෑදී ඇති බවයි.
















