ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විලාසිතා අලෙවි සන්නාමයක් වන Nolimit සිය ව්‍යාපාරික ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරමින් කොළඹ One Galle Face Mall හි 31 වැනි ශාඛාව විවෘත කර තිබේ.
One Galle Face Mall හි දෙවැනි මහලේ පිහිටා ඇති මෙම නව ශාඛාව වර්ග අඩි 12,000කට අධික ප්‍රදේශයකින් සමන්විත වන අතර, පාරිභෝගිකයන්ගේ විලාසිතා සහ ජීවන රටාවට අදාළ අවශ්‍යතා රැසක් එකම ස්ථානයකින් සපුරාගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබේ.
මෙම නව වෙළෙඳසැල තුළ පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම්, ළමා ඇඳුම්, පාවහන්, විලාසිතා උපාංග, ගෘහ භාණ්ඩ හා භාවිත භාණ්ඩ, සෙල්ලම් බඩු, සංචාරක භාණ්ඩ සහ ගමන් මලු මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් පාරිභෝගිකයන් සඳහා ඉදිරිපත් කර තිබේ.
One Galle Face Mall හි නවීන පරිසරයට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති මෙම ශාඛාව ඉඩකඩ සහිත සැලසුමකින්, නවීන අභ්‍යන්තර නිර්මාණයකින් සහ තාක්ෂණය මත පදනම් වූ පහසුකම් රැසකින් සමන්විත වේ. ඒ අතර Self-Checkout පහසුකම්ද ඇතුළත් වන අතර, එමඟින් පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ වේගවත් සාප්පු අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සැලසේ.
Nolimit හි කළමනාකාර අධ්යක්ෂ Hafiz Mubarack සඳහන් කළේ One Galle Face Mall හි 31 වැනි ශාඛාව විවෘත කිරීම සමාගමේ අඛණ්ඩ ව්‍යාප්තියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් බවයි.
One Galle Face Mall හි උපායමාර්ගික පිහිටීම සහ විවිධ පාරිභෝගික පිරිසක් එක්රැස් වීම හේතුවෙන් Nolimit හි පුළුල් විලාසිතා සහ ජීවන රටා නිෂ්පාදන පරාසය ශ්‍රී ලංකා පාරිභෝගිකයන් වෙත ගෙන යාමට එය සුදුසු ස්ථානයක් බවද ඔහු පෙන්වා දී තිබේ.
වර්ග අඩි 12,000කට අධික මෙම නව වෙළෙඳසැල හරහා පාරිභෝගිකයන් වෙනුවෙන් නවීන, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ ලෝක මට්ටමේ සාප්පු අත්දැකීමක් ලබාදීමට සමාගම දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වන බවද Hafiz Mubarack සඳහන් කර ඇත.
Nolimit හි සහකාර සාමාන්‍යාධිකාරී Raneez Sheriff සඳහන් කළේ One Galle Face Mall ශාඛාව නවීන වෙළෙඳසැල් පරිසරයක්, තාක්ෂණය මත පදනම් වූ අභ්‍යන්තර සැලසුමක් සහ Self-Checkout පහසුකම් සමඟින් නිර්මාණය කර ඇති බැවින් පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා සරල සාප්පු අත්දැකීමක් ලබාගත හැකි බවයි.
සමාගම සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරන අතරතුර නව තාක්ෂණික ක්‍රමවේද සහ නවෝත්පාදන භාවිත කරමින් පාරිභෝගිකයන් අපේක්ෂා කරන විවිධත්වය, වටිනාකම සහ සේවා මට්ටම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කර තිබේ.
One Galle Face Mall හි පිහිටීම හේතුවෙන් මෙම නව ශාඛාව තරුණ වෘත්තිකයන්, පවුල්, විලාසිතා කෙරෙහි උනන්දුවක් දක්වන පාරිභෝගිකයන්, කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම විදේශීය සංචාරකයන් සහ කොළඹට පැමිණෙන අනෙකුත් පිරිස් වෙතද පහසුවෙන් ළඟාවීමට Nolimit සමාගමට හැකියාව ලැබෙනු ඇත.
මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ කොළඹ නගරයේ වෙනස් වෙමින් පවතින විලාසිතා සහ ජීවන රටා වෙළෙඳපොළ තුළ Nolimit සන්නාමයේ ස්ථානය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.














