ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරෙන අතර, සුළං නිරිත දෙසින් හමා එනු ඇතැයි අපේක්ෂිතය. එසේම, මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගනු ඇත.














