ඌව පළාතට සහ අම්පාර හා මඩකලපුව දිස්ත්රික්කවලට ප්රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (25) පෙරවරු 11.30ට නිකුත් කළ නිවේදනය අද රාත්රී 11.00 දක්වා වලංගු බව වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී මෙම ප්රදේශවල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය.
අකුණු පවතින අවස්ථාවලදී ආරක්ෂිත ගොඩනැඟිල්ලක් තුළ රැඳී සිටින ලෙසත්, විවෘත ස්ථාන, ජලාශ සහ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ. විදුලි උපකරණ සහ රැහැන් සහිත දුරකථන භාවිතයෙන්ද වළකින්න.
















