ශ්‍රී ලංකාවේ තම රාජකාරි කාලසීමාව සාර්ථකව අවසන් කර නැවත සිය මවුරට බලා පිටත්ව යාමට සූදානම් වන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ඩොක්ටර් සත්‍යාංගල් පාන්ඩේ (Dr.Satyanjal Pandey) මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.
තම සේවා කාලය තුළදී විපක්ෂ නායකවරයා ඇතුළු එම පාර්ශ්වයෙන් ලැබුණු නොමඳ සහයෝගය වෙනුවෙන් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය විශේෂ කෘතඥතාව පළ කළේය.
















