ඩෙල්ෆ්ට් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අනතුරට ලක්ව තිබේ.
අගෝස්තු 05 වන දින රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතියි.













