ඉන්දීය රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 5ක ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සඳුදා (01) නිරීක්ෂණය කරන ලදී. පසුගිය වසරේ ඇතිවූ ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් යාපනය සහ කන්කසන්තුරේ අතර ප්‍රවාහන සබඳතා බිඳවැටුණු මෙම මාර්ගය සහ එහි පාලම් පහක් දැඩි ලෙස හානියට පත්ව තිබුණි.
මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 450ක සමස්ත ‘ඩිට්වා’ සුළි කුණාටු ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරේ. “සම්බන්ධතාව යළි ස්ථාපිත කිරීම, ප්‍රකෘතිය වේගවත් කිරීම!” යනුවෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මහ කොමසාරිස්වරයා මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළේය.
















