කලාපීය රටවල් අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sunayna’ යුද නෞකාව ඊයේ (මැයි 15) කොළඹ වරායට පැමිණියේය. මෙම සංචාරය දකුණු ආසියානු කලාපීය ආරක්ෂාව සහ නාවික සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම නෞකාවේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 16ක නාවික නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයක් එහි ගමන් කිරීමයි. මෙවැනි බහුජාතික සහභාගීත්වයක් සහිත සංචාර හරහා ජාත්‍යන්තර නාවික ප්‍රජාව අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කර ගැනීමටත් අවස්ථාව උදාවන බව නාවික අංශ පෙන්වා දෙයි.














