කැනඩාවේ එඩ්මන්ටන්හි සිල්වර්බෙරි ප්‍රදේශයේ නිවසක සිහිසුන්ව සිටියදී හමුවී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය 23 හැවිරිදි කෞර් (Kaur) නැමැති ඉන්දීය තරුණියගේ මරණය ගෙල සිර කර සිදුකළ ඝාතනයක් බව පොලිසිය තහවුරු කර තිබේ.
පසුගිය ජූලි 9 වන දින පස්වරුවේ ලැබුණු හදිසි ඇමතුමකට අනුව පොලිසිය අදාළ නිවසට ගොස් ඇති අතර, එහිදී බරපතළ තුවාල ලබා සිටි තරුණිය රෝහල්ගත කළද ඇය ජූලි 12 වන දින ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිහිටි පිරිමි පුද්ගලයෙක් (සහකරු) එදිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
















