මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවද, ජූලි මස 24 වන දින දක්වා පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530 ක් ලෙස දැක්වෙන අතර, වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස බලධාරීන් ජනතාවට දැඩිව අවධාරණය කරයි.
















