ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් එරටට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවය. එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත. මේ අතර, ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
















