ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දුනීසියානු ජනරජයේ තානාපති කාර්යාල සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹදී විවෘත කර තිබේ.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වී ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සංස්කෘතික හුවමාරුව, භාෂා අධ්‍යයනය, සාම්ප්‍රදායික කලා හා සංගීතය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය වැදගත් වේදිකාවක් වනු ඇත.














