ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘කාන්තා ශූරයන්ගේ කුසලාන’ (Women’s Champions Trophy) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබාදීමට තීරණය කර තිබේ.
ලබන වසරේ (2027) පෙබරවාරි 14 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තුළ දැනට සිදුවෙමින් පවතින පරිපාලනමය සහ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් ICCය මෙම පියවර ගෙන ඇත. කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව තරග වදින අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි 28 වනදා අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.













