• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය

6 July 2020
in සංවර්ධන

ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු Flat Beds 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති I. gusti Ngurah Ardiasa මහතා පවසයි.

ඉන්දුනිසියානු තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දීය.

මෙම දුම්රිය මැඳිරි හා තට්ටු නිපදවීම සිදු කරනු ලබන්නේ ඉන්දුනිසියානු රජයට අයත් සමාගමක් වන M/s, PT Industry Kerata Api සමාගම විසිනි.

ඉන්දුනිසියාවේ නිෂ්පාදිත දුම්රිය මැඳිරි හා තට්ටු මෙතෙක් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ආනයනය කර ඇත්දැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් විමසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එරට නිපදවන මැඳිරිවල ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නැයි ද උපදෙස් දුන්නේය.

විශේෂයෙන් මාර්ග තදබදය අවම කරලීම සම්බන්ධව වත්මන් ජනාධිපතිතුමා තදින්ම අවධානය යොමු කර ඇතැයි කී අමාත්‍යවරයා දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට එළවළු , සහල් පලතුරු වැනි භාණ්ඩ කොළඹට ප්‍රවාහණය කිරීමේ දී දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මගින් ලොරි විශාල ප්‍රමාණයක් කොළඹට ඇතුල්වීම වළක්වා ගත හැකි බව ද පෙනී ගොස් ඇතැයි කීය. එමෙන්ම දුම්රිය මගින් මගින් ප්‍රවාහණ සේවා සැපයීමේ දී බස් රථ 28ක ගමන් ගන්නා මගින් එක් දුම්රියකින් ප්‍රවාහණය කළ හැකි බවත් අවධාරණය කළේය.

එමනිසා භාණ්ඩ හා මගී ප්‍රවාහණයට හැකි තරම් දුම්රිය යොදා ගැනීම මගින් ආර්ථිකමය වශයෙන් ඉතාමත් ඵලදායක බවත්, ඒ් සඳහා රජය වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් කියා සිටියේය.

 

 

 

 

 

Post Views: 9
Previous Post

වාරය ගැටළුව ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

Next Post

අත්අඩංගුවට ගනුලැබූ සිවාජිලිංගම් ඇප පිට නිදහස්

editor

editor

Next Post

අත්අඩංගුවට ගනුලැබූ සිවාජිලිංගම් ඇප පිට නිදහස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved