27 April 2024
#දේශීය

අත්අඩංගුවට ගනුලැබූ සිවාජිලිංගම් ඇප පිට නිදහස්

අත්අංගුවට ගනු ලැබු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්  ඇප මත මුදා හැර තිබේ.

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්  අධිකරණය මඟහැරීමේ චෝදනාව මත ඊයේ (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ  වැල්වැටිතුරෛයි පොලීසිය විසිනි..

2018 වසරේ නීති විරෝධී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශිවාජිලිංගම් මහතාට නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ..ශිවාජිලිංම්  අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

ඔහු  මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙමළ ජනතා ජාතික සන්ධානය යටතේ තරග කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *