ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයක හටගෙන ඇති දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් සුමාත්‍රා සහ කලිමන්තන්හි මිලියන සංඛ්‍යාත ජනතාවක් විෂ දුමාරයට නිරාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් හටගත් උග්‍ර ශ්වසන ආසාදන තත්ත්වයන් හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට රෝහල්ගත කර තිබේ. මෙම දැවැන්ත දුමාරය ඉන්දුනීසියාවට පමණක් සීමා නොවී මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය ඇතුළු පුළුල් කලාපයක් පුරා පැතිර යමින් පවතින බව වාර්තා වේ.
















