• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසර හිතකාමී කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි!

8 September 2020
in ව්‍යාපාර

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතා ඊයේ (07) කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා හමුවිය.

ඒ ඔහුට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලමින්. එහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ ඊට අයත් ජාතික කඩදාසි සමාගම, කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

එසේම මොරටුව D Creation ආයතනයේ හිමිකරු පසිඳු විදුෂාන් පෙරේරා මහතා ද තම ආයතනය විසින් නිෂ්පාදිත දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන මෙතෙක් පිටරටින් ආනයනය කළ Computer in Wheels නැමැති උපාංගය කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කිරීම ද ඊයේ කර්මාන්ත දිනයේ දී සිදු විය.

ආනයනික මිලට වඩා ඉතා අඩු මුදලකට ‘Made in Sri Lanka’ වගකීම යටතේ දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙම උපාංගය අලෙවි කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉල්ලා සිටි නව නිපැයුම්කරු පසිඳු ලක්ෂාන් මහතාට විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඒ සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවය.

ඊයේ දිනයේ තමන්ගෙන් සිය කර්මාන්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හා සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සියලු කර්මාන්තකරුවන් කැඳවා ඔවුනට කඩිනමින් සහන සැලසීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

 

Post Views: 14
Previous Post

කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව බලන ලෙස ඇමැති දේවානන්දා නාරා ආයතනයට උපදෙස් දෙයි

Next Post

සෞදියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ගැන විදේශ අමාත්‍යංශයේ නිවේදනයක්

editor

editor

Next Post

සෞදියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ගැන විදේශ අමාත්‍යංශයේ නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved