• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආහාර ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණය කිරීමේ කර්මාන්ත අමාත්‍යංශ ක්‍රියාන්විතය අරඹයි

31 March 2023
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන හා පර්යේෂණ වානිජකරණය කිරීමේ අරමුණෙන් කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු විශේෂ වැඩසටහන ඊයේ (30) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

එහි සමාරම්භය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සැකසු ආහාර සහ පාන වර්ග පිළිබඳව මෙරට විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන විසින් පර්යේෂණ, සොයා ගැනීම් සහ නව නිපැයුම් සිදු කර තිබුනද ඒවා නිෂ්පාදනයක් විදියට වාණිජකරණයවී ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක වීම නිසා කර්මාන්ත අමාත්‍යංශය වර්ථමානයේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ඉටුකරමින් ආහාර නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් වානිජකරණය කිරීමේ අරමුණෙන් ස්ථිරසාරවූ ඉදිරි පියවරක් ලෙසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

එමගින් ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් , ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කොට දෙමින් ආහාර නිෂ්පාදන අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිවන අයුරින් වානිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ අපේක්ෂාව වෙයි.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වැවිලි හා කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ විවිධ ආහාර නිෂ්පාදන කාර්යාවලියන්හිදී අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් මෙන්ම නවෝත්පාදනයන් පිළිබඳවද රටක් ලෙස අප වැඩි අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම එලෙස සිදුකරන අගය එකතු කිරීම් හෝ නවෝත්පාදනයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් වානිජකරණයට ලක්කිරීම කලයුතු වීම ඉලක්කගත අපනයන ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් අත්‍යාවශ්‍යම කාර්යයක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය. ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය විසින් ගෙන ඇති මෙම ඉදිරි පියවර පිළිබඳව සිය ප්‍රශංසාව එක්කළ අමාත්‍යවරයා රටක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් අවබෝධ කොටගනිමින් මෙරට නිෂ්පාදනයන් ඒ වෙනුවෙන් සිදුකල යුතු බවත් පෙන්වා දුන්නේය. රජයක් ලෙස ඒ වෙනුවෙන් උපරිම පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම ආහාර ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණය කිරීමේ කර්මාන්ත අමාත්‍යංශ ක්‍රියාන්විතය සදහා වැවිලි කර්මාන්ත , කෘෂි කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශයන් රැසක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන, ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනය, ආහාර සම්බන්ධ අමාත්‍යංශ උපදේශක කමිටුව , ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය ආදී පාර්ශ්ව රැසක සාමූහිකත්ව ශක්තිය ලබාදෙයි.

මාර්තු 30 , 31 දෙදින පුරාම පැවැත්වෙන මෙම වැඩසටහන තුළ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ තෝරාගනු ලැබු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත පර්යේෂකයන් හා නවෝත්පාදකයන් 76 දෙනෙකු විසින් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් 200ක් වෙනුවෙන් සිය නව ආහාර නිෂ්පාදනයන් පිළිබඳව පර්යේෂණයන් සහ ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම සිදුකරයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු නිළධාරින් , ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය නිරංජලී පෙරේරා , විශ්ව විද්‍යාලය ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් , ආහාර සම්බන්ධ අමාත්‍යංශ උපදේශක කමිටුවේ සභාපති මලික් ද අල්විස් , ආහාර සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

Post Views: 22
Previous Post

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී රැකගෙන ඉදිරි පරම්පරාව වෙත භාරදිය යුතුයි – අමාත්‍ය විදුර

Next Post

හොඳම භාවිතය 2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගත් පීපල්ස් ලීසිං සමාගම සිය සම්මානය ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

හොඳම භාවිතය 2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගත් පීපල්ස් ලීසිං සමාගම සිය සම්මානය ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා  අතර නිව්යෝර්ක් නුවරදී  විශේෂ සාකච්ඡාවක්

එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා අතර නිව්යෝර්ක් නුවරදී විශේෂ සාකච්ඡාවක්

24 April 2026
යුනියන් ඇෂුවරන්ස්  අඛණ්ඩව පස්වන වසරටත්  විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක්  ලෙස පිදුම් ලබයි

යුනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව පස්වන වසරටත් විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක් ලෙස පිදුම් ලබයි

24 April 2026
කිලෝමීටර් දහස් ගණනක  දුරක් විහිදෙන යුක්රේනයේ  නවතම ඩ්‍රෝන බලකාය

කිලෝමීටර් දහස් ගණනක දුරක් විහිදෙන යුක්රේනයේ නවතම ඩ්‍රෝන බලකාය

24 April 2026
මාර්ග තදබදයට  තිත තබමින්

මාර්ග තදබදයට තිත තබමින්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට  දිවයින පුරා

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා

24 April 2026
කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක දැල් අතරින්  රහසේම එළියට පැනීමට උත්සාහ කළ  අමුත්තන් දෙදෙනාට  අද අලුයම අත්වූ ඉරණම

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක දැල් අතරින් රහසේම එළියට පැනීමට උත්සාහ කළ අමුත්තන් දෙදෙනාට අද අලුයම අත්වූ ඉරණම

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved