Infinix සමාගම සිය නවතම Note 60 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා කොළඹදී දැවැන්ත උත්සවයක් පවත්වන ලදී. “Take Note, Take Lead” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සවයේදී සන්නිවේදන තාක්ෂණයේ නවතම මානයක් සනිටුහන් කරමින් AI Matrix Display සහ Snapdragon 5G කාර්ය සාධනය සහිත මෙම නව මාදිලිය එළිදක්වන ලදී.
මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයාගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන, පණිවිඩ සහ අනෙකුත් දැනුම්දීම් බුද්ධිමත් ලෙස පෙන්වන AI Matrix Display තාක්ෂණයයි. මීට අමතරව, JBL සහ Qualcomm Technologies යන ලොව සුප්‍රසිද්ධ සමාගම් සමඟ එක්ව වඩාත් ගුණාත්මක ශබ්ද පද්ධතියක් සහ වේගවත් දත්ත සැකසීමේ හැකියාවක් මෙම Note 60 Series වෙත එක් කර තිබේ. Ferrari මෝටර් රථ සැලසුම්වලින් ආභාෂය ලැබූ Pininfarina ආයතනයේ සැලසුම් දායකත්වය ද මෙම නව දුරකථන පෙළෙහි පෙනුම තවත් ඔප්නංවා ඇත.
උත්සවය සඳහා යුකී නවර්ත්න සහ ඉන්ෆිනිටි (Infinity) සංගීත කණ්ඩායම සිය දායකත්වය ලබා දුන් අතර, Dialog, Abans, Phoneme සහ Stelacom යන ආයතන ද Infinix සමාගම සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ විය. නවීන තාක්ෂණය සොයන තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම Note 60 Series, ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සුවිශේෂී සලකුණක් වනු ඇති බව සමාගමේ විශ්වාසයයි.














