• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්

3 April 2024
in දේශීය, පුවත්
කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (02) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. තවද, කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200 ක පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන් අතර, එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදු කරන ‍ලෙසයි.

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම හේතුවෙන් මුස්ලිම් ජාතික සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට නොහැකි වීම කෙරෙහිද අවධානය යොමු විය. ඉඩකඩ ප්‍රමාණවත් නොමැති පාසල් සුදුසු ස්ථාන වෙත ගොනයාම සඳහා විකල්ප සොයා බලන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගොඩනැගිලි හිඟයට පිළියම් යෙදීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට ඇති බාධා මඟහරවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

සාකච්ඡාවේදී මතු වූ කරුණු පිළිබඳ වැඩිදුරටත් සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා මුස්ලිම් පාසල් මුහුණ දෙන අභියෝග පිළිබඳ තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා මෙම මස අවසානයේදී යළි සාකච්ඡාවක් කැඳවන බවද සඳහන් කළේය.

උසස් පෙළ සමත් සිසුන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නියෝජිතයින්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින්, මුස්ලිම් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 26
Previous Post

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනතක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

Next Post

තායිවානයට වසර 25 කට පසුව ආ දරුණු භූමිකම්පාවක්

editor ttvnews

editor ttvnews

Next Post
තායිවානයට වසර 25 කට පසුව ආ දරුණු භූමිකම්පාවක්

තායිවානයට වසර 25 කට පසුව ආ දරුණු භූමිකම්පාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved