29 April 2024
#පුවත් #විදෙස්

තායිවානයට වසර 25 කට පසුව ආ දරුණු භූමිකම්පාවක්

තායිවානයේ අද (03) පෙරවරුවේ රිච්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව තායිවානයට සහ එහි අසල්වැසි රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි මේ වන විටත් කටයුතු කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

එරට බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙය වසර 25කට පසු තායිවානයේ සිදුවූ ප්‍රබලතම භූමිකම්පාව බවයි.

ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට මීටර් 3 ක් දක්වා සුනාමි රළ ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ද පවසා තිබෙනවා.

භූමිකම්පාව ඇති වූ වහාම චීන බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආපදා සහනාධාර සැපයීමට මේ වන විට කටයුතු කරමින් සිටිනු ඇත. ප්‍රකාශිත ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ බව සඳහන් කළේය.

 

මුලාශ්‍රය –  https://www.bbc.com/news/live/world-asia-68720022?src_origin=BBCS_BBC

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *