• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

23 July 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එළැඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද ප.ව 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

ධීවර, සංචාරක සහ පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට තීරණය කෙරිණ.

ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අළෙවි කිරීමේ ජාවාරම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය.

හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, අලී සබ්‍රි, කංචන විජේසේකර, ටිරාන් අලස්, පා.ම. නිමල් ලන්සා, ජනාධිපති උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

විශේෂ ඩෙංගු මර්දන දිනයක් නම් කරයි.. ඩෙංගු අධි වසංගතයක් විය හැකියි – වෛද්‍ය අසේල

Next Post

දඹූල්ල යුරියා පොහොර බර අඩු චෝදනා වලට පිළීතුරු

editor

editor

Next Post

දඹූල්ල යුරියා පොහොර බර අඩු චෝදනා වලට පිළීතුරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද වැස්ස කොහොමද?

අද වැස්ස කොහොමද?

1 September 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද දිවයිනට

30 August 2025
රනිල්ගෙන් ආමන්ත්‍රණයක්  –  ඉතිහාසයේ ලොකුම වන්දි නඩුව විය හැකි බවට සැකයක් ?

රනිල්ගෙන් ආමන්ත්‍රණයක් – ඉතිහාසයේ ලොකුම වන්දි නඩුව විය හැකි බවට සැකයක් ?

30 August 2025
අනේ රාජිතට වෙච්ච දෙයක්

අනේ රාජිතට වෙච්ච දෙයක්

29 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද වැස්ස කොහොමද?

අද වැස්ස කොහොමද?

1 September 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද දිවයිනට

30 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved