• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසයි බුද්ධිමතුන් රටින් යන්නේ – මන්ත්‍රී කාවින්ද

6 October 2023
in දේශීය

බුද්ධිමතුන්, උගතුන් මේ රට හැර යන්නේ මේ රට පිළිබඳ විශ්වාසයක් නොමැති හෙයින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇතැම් ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ බුද්ධිමතුන් මේ රට හැර යාම හොඳ දෙයක් යැයි බවයි. නමුත් මෙහි ගැටළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොවැටහීම ගැටළුවක් බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය ” අද වෙන කොට මෙඩිකල් ඔපිසර් කෙනෙක්ගේ බේසික් සැලරි එක රුපියල් පනස් අට දහසයි. ඒ වගේම ඔටී බටා ඔක්කෝම කරලා ඒ් වෛද්‍යවරයාට මාසේට රුපියල් ඒක් ලක්ෂ පනස් දහසක් වගේ හම්බ වෙනවා. එතකොට රුපියල් විසිදහසක බදු ගැහුවාහම එයාට අතට ලැබෙන්නේ එක්ලක්ෂ විසි දහසක්, එක්ලක්ෂ තිස් දහසක් වගේ මුදලක්. මේ වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් ලැබෙන්නේ නෑ. මේ වෛද්‍යවරුන්ට හොඳ නේවාසික පහසුකම් ලැබෙන්නේ නෑ. උදාහරණයක් ගත්තොත් වෛද්‍යවරයෙක් ඉන්නවා හම්බන්තොට නැතිනම් පොලොන්නරුවේ හෝ මොණරාගල නැතිනම් මහියංගනයේ වැනි දුෂ්කර පලාත වල ඒ අයට සිද්ධ වෙනවා කුලියට ගෙයක් ගන්න. කුලියට ගෙයක් ගත්තාහම එකටත් රුපියල් විසි දහසක් තිස් දහසක් වෙනවා. එතකොට අතට ඉතුරු වෙන මුදලක් නෑ. තමන්ගේ දරුවන්ව ඉස්කොලේට දාන්න අවකාශය ලැබෙන්නේ නෑ. හැබැයි අනෙකුත් රාජ්‍ය නිලධාරින්ට ඒ තනතුරු වල හොඳ වාහනයක්, රියදුරෙක් ප්‍රවාහන පහසුකම්, තෙල් ලැබෙනවා. හැබැයි වෛද්‍යවරුන්ට ඒ පහසුකම් ලැබෙන්නේ නෑ. මේ රටේ වෛද්‍යවරුන්ට ඒ විදිහට සලකනකොට අපි දැක්කා ඖෂධ නියාමන අධිකාරියේ ඩොලර් මිලියන තුනක මහා වංචාවක් කරලා තියෙනවා. හියුමයෝබි ගෙන්වන්න මේ රටට හොර පාරේ ගෙනල්ලා. මේ රටේ අහිංසක රෝගින්ගේ ජිවිත අද බිල්ලට දිලා තියෙනවා. ඒක පැත්තකින් වෛද්‍යවරුන් රට අතහැරලා යන්නේ මේ රටේ ජිවත් වෙන්න බැරි තත්ත්වයක් මේ ආණ්ඩුව පත් කරලා තියෙනවා. අනික් පැත්තෙන් මේ රටේ රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික නැ. නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලැබෙන්නේ නෑ. රෝගීන්ට අවශ්‍ය කරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණ ටික නෑ. ඉතිං වෛද්‍යවරු මෙහේ මොනවාද කරන්නේ. මේ රටේ ජිවත් වෙන්න බැරි තත්ත්වයකට බලාපොරොත්තු සුන් කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ නිසා මේ රටේ උගතුන් , බුද්ධිමතුන් අද රට අතහැරලා යන්න හිතලා තියෙනවා. ඒ නිසා ඒ අය හිතනවානම් මේ උගතුන් බුද්ධීමතුන් වෛද්‍යවරුන් පිටමං කරලා ඒ ලැබෙන ආදායමින් අපේ රට ‌ගොඩ ගන්න පුලුවන් කියලා ඒත් එහෙම වෙන්නේ නෑ. මොකද අපේ රටේ ඉන්න නුපුහුණු පුද්ගලයින් රට ගියාහම පස්සේ සෞදි ආරාබිය වගේ මැද පෙරදිග රටවල ගිහින් සල්ලි එවනවා. හැබැයි මතක තියා ගන්න වෛද්‍යවරු, උගතුන් රට අතහැර යන්නේ සිය දරුවනුත් එක්කමයි. ඒ අයට මේ රටට සල්ලි එවන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ කරන ක්‍රියාදාමය මෙන්ම මෙම ව්‍යවසනය පිලිබඳ ආණ්ඩුවට දැනීමක් නොමැති යැයි මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන සිවිල් සංවිධාන සමඟ ඇමැති ටිරාන් සාකච්ඡාවක්

Next Post

ත්‍රිවිධ හමුදාව ආපදා සහන සැලසීමේ නිරන්තර මෙහෙයුම් දියත් කරයි

editor

editor

Next Post

ත්‍රිවිධ හමුදාව ආපදා සහන සැලසීමේ නිරන්තර මෙහෙයුම් දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved