• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන සිවිල් සංවිධාන සමඟ ඇමැති ටිරාන් සාකච්ඡාවක්

6 October 2023
in දේශීය

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ මෙම පනත ගෙන ඒමේදී පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවක් උද්දේෂණ ක්‍රියාවලියක් සිදු කළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇති බවත්, මෙම පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශණ පිළිබඳව තීරණ ගැනීම ද සිදු වන බවය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින්ද කරුණු පැහැදිලි කරමින් මෙම පනත ගෙන ඒම 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක් බවත්, අධිකරණ අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ක්‍රියාත්මක වුනු, නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති බවත් , එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බව , ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් , මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත් වන කාන්තාවන් ළමුන් ඇතුලු පිරිස් වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යන බවත්, මෙම පනත හරහා ඔවුනට සිදු වන පීඩා අවම කිරීමටද අරමුණු කරන බවත් ප්‍රකාශ කලේය.

තවද, මෙම සාකච්චාවේ ප්‍රතිඵලයක් ලෙස, මෙම පනත පිළිබඳ ඔවුන් විසින් ලබා දෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා අතරම ආසියානු අන්තර්ජාල සහයෝගීතාවය (Asia Internet Coalition) , ශ්‍රී ලංකා නීතීඥහ සංගමය, තානාපති කාර්‍යාල සහ සිවිල් හා මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය,මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී විය.

Post Views: 8
Previous Post

පෞද්ගලිකරණය හුදු රාජ්‍ය ව්‍යවසාය වෙනතකට යොමුකරන ක්‍රියාවලියක් නොවිය යුතුයි – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

Next Post

රට පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසයි බුද්ධිමතුන් රටින් යන්නේ – මන්ත්‍රී කාවින්ද

editor

editor

Next Post

රට පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසයි බුද්ධිමතුන් රටින් යන්නේ - මන්ත්‍රී කාවින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved