රජය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ බරපතල ගැටලු රැසක් පවතින බව පවසමින්, එම වැඩපිළිවෙළ වහාම නතර කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) ආණ්ඩුවට බලකර සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කිසිදු සාධාරණ මැදිහත්වීමකින් තොරව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාත්මක වන්නක් බවයි.
මෙම ප්‍රතිසංස්කරණවලින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුවිය හැකි බලපෑම සහ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ඔවුන් මෙහිදී දැඩි ලෙස අවධාරණය කළහ. රජයේ මෙම තීරණයට එරෙහිව සිය විරෝධය පළ කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම නතර කර සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියි.
















