අධ්‍යයන සුබ සාධක ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් අඛණ්ඩ අරගලයකට අවතීර්ණ වන බවට අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් මහතා පවසයි.
විශ්වවිද්‍යාලවලට විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කරන බව පැවසුවද, ඒවා තවමත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත්කිරීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මේ බව සඳහන් කළේ රජරට විශ්වවිද්‍යාලයේ පවතින සුබ සාධන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (24) මිහින්තලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.














