සර්ව ආගමික සහජීවනය සහ සාමය තේමා කරගනිමින් සංවිධානය කර ඇති සාම පාගමන අද (අප්‍රේල් 22) සිය ගමනාන්තය ලෙස මාතලේ ඓතිහාසික අළු විහාරය වෙත ළඟා වීමට නියමිතය.
අද දිනයේදී මාතලේ ප්‍රදේශය පසුකරමින් ගමන් ගන්නා පාගමන, රාත්‍රී නවාතැන් ගැනීම සහ ආගමික වතාවත් සිදුකිරීම සඳහා අළු විහාරය තෝරාගෙන තිබේ. මෙහිදී සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් සාමය ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අනතුරුව හෙට (අප්‍රේල් 23) උදෑසන මාතලේ සිට යළි ගමන් ආරම්භ කරන සාම පාගමන, හෙට රාත්‍රිය වන විට මහනුවර නගරය වෙත ළඟා වීමට නියමිතය. මහනුවරදී ද විවිධ ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, ප්‍රදේශයේ සිවිල් සංවිධාන සහ මහජනතාව මෙම සාමූහික ප්‍රයත්නයට සහය දැක්වීමට සූදානමින් සිටිති.














