අදට (30) යෙදී ඇති බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් වූවන් සිහි කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, උතුරු නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය (ARED) විසින් සංවිධානය කරන ලද පා ගමන සහ සම්මන්ත්‍රණය සඳහා දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවක් යාපනය වෙත එක්ව සිටිති. අතුරුදහන් වූ තම ආදරණීයයන්ට යුක්තිය ඉල්මින් සහ ඔවුන්ට සිදු වූ දේ හෙළි කරන ලෙස බල කරමින් මෙම විරෝධතා පා ගමන සහ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.














