“සත්‍යය දිනවමු… හොරුත්, බොරුත් පරදවමු!” යන තේමාව යටතේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන සම්මන්ත්රණ මාලාවේ 6 වැනි සම්මන්ත්‍රණය ගාල්ල නගර ශාලාවේදී පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, වජිර අබේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, ලසන්ත අලගියවන්න ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්, හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් රැසක් සහභාගී වී සිටිති.














