ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දායකත්වය ලබාදීමේ අරමුණින් ක්රියාත්මක කිරීමට නියමිත “සසුනෝදය” වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන වෙන් කර තිබේ.
ඌව පළාත් සභාව මඟින් ක්රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්රික්කවල තෝරාගත් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා මූල්ය ආධාර ලබාදීමට නියමිතය.
ඒ අනුව, බදුල්ල දිස්ත්රික්කයේ තෝරාගත් විහාරස්ථාන 100ක් සඳහා රුපියල් මිලියන 50ක ප්රතිපාදන ලබාදීමේ වැඩසටහන 2026 ඔක්තෝබර් 23 වැනිදා පස්වරු 2.00ට බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ සහ වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
ඌව පළාතේ ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වය ලබාදීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වේ.














