ජාත්‍යන්තර සුවතා දිනයට සමගාමීව සංවිධානය කරන ලද විශේෂ මානසික සුවතා සහ භාවනා වැඩසටහනක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ නේපාල තානාපති කාර්යාලය සහ නේපාල ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය එක්ව සංවිධානය කළ මෙම සැසිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා සහභාගී වූ අතර, ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි වැඩසටහන මෙහෙයවනු ලැබුවා. පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද මෙම භාවනා වැඩසටහන මගින් මානසික ඒකාග්‍රතාවය සහ සුවතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කළ අතර, එය දෙරට අතර පවතින සංස්කෘතික හා ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මනා පිටුවහලක් වූවා.















