27 April 2024
#දේශීය

අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් නිකුත් කරන්න – විභාග කොමසාරිස්

අපොස සාමාන්‍ය පෙළ -2022(2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් නිකුත් කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍රය ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *