ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින්, සුරැකුම්පත් හා විനിമය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළඳපොළ (CSE) එක්ව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ (Invest Sri Lanka) ආයෝජක සංසදය සාර්ථකව පවත්වන ලදී.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකු ආණ්ඩුකාර ආචාර්ය නන්දලාල් වීරසිංහ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකාව මේ වන විට අත්කර ගනිමින් සිටින ආර්ථික ප්‍රගතිය, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ගෝලීය වෙළඳපොළ තුළ විශේෂයෙන් ‘ඉන්දියා ප්ලස් වන්’ (India Plus One) උපායමාර්ගික ප්‍රවේශය හරහා රටට හිමි වී ඇති ආයෝජන අවස්ථා මෙහිදී ජාත්‍යන්තර ආයෝජකයින් සහ ඕස්ට්‍රේලියානු ඩයස්පෝරාව වෙත පුළුල් ලෙස පැහැදිලි කර දෙන ලදී.













