• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ආරාධනා

28 August 2018
in ව්‍යාපාර
 
ඇෆ්ගනිස්ථානය ශ‍්‍රී ලංකාවේ පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට එරටට පැමිණ හවුල් ව්‍යාපාර හා ආයෝජනයන් සඳහා ආරාධනා කරන බවත්, ඇෆ්ගනිස්ථානය සතුව පවතින තවමත් භාවිතා නොකළ ලෝහ වර්ග ඇතුළු ඛණිජ සම්පත් හා තෙල් – ගෑස්  නිධි පවතින බැවින් ඒවා කැණීම් කටයුතු මගින් හොඳ හවුල් ආයෝජන හා ව්‍යාපාර ආරම්භ කළ හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
ශ‍්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පවතින ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු ප‍්‍රමාණය  අඩු මට්ටමක පැවතියද ඉන් වැඩිම වාසිය හිමිවන්නේ ශ‍්‍රී ලංකාවට බවත් 2016 වසරට වඩා 2017 වසරේදී අපනයන ප‍්‍රමාණය වැඩි වී ඇති බව අමාත්‍යවරයා පැවසිය. 
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී ශ‍්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන් තානාපති මුනීර් ගියාෂි :ඵරගඵමබසර ඨයස්ිහ* මහතා හමුවී කරන ලද ඇෆ්ගනිස්ථාන් ශ‍්‍රී ලංකා ද්වීපාර්ශවික වෙළෙඳ හා ආයෝජන සම්බන්ධ සාකච්ඡාවලදීය. 
 
මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ‍්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන ජනරජයේ තානාපති මුනීර් ගියාෂි මහතා මෙසේ පැවසීය ” ඇෆ්ගනිස්ථානය තුළ මේ වන විට ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන තුනකට වඩා වටිනාමකින් යුත් ස්වාභාවික සම්පත් ප‍්‍රමාණයක් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. මම දන්නවා ශ‍්‍රී ලංකාවේ පතල් හා කැණීම් කර්මාන්තකරුවන් ඉතා හොඳ පුහුණුවක් හා නිපුණතාවක් ඇති දක්ෂ පිරිසක් බව. එම නිසා මම ඔවුන්ට ආරාධනා කරනවා ඇෆ්ගනිස්ථානය තුළ පවතින මේ නව ආයෝජන හා ව්‍යාපාරික ක්ෂේත‍්‍රය නරඹන්නට එන්න කියලා. ඒවා දෙරටම එකතු වී නව ආයෝජන හා හවුල් ව්‍යාපාර ක්ෂේත‍්‍ර ආරම්භ කිරීමට පුළුවන්. මේ ආකාරයට අපේ රටේ පවතින තවමත් ස්පර්ෂ නොකළ මේ ස්වාභාවික ඛණිජ හා තෙල් සම්පත් සියවස් ගණනාවක්ම පවතිනවා. ඒවා තවදුරටත් නිෂ්පාදනය වෙමින් සංවර්ධනය වෙමින් පවතිනවා. ඒවායේ වටිනාකම ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපයේ සහෝදර රාජ්‍යයන්ට විවෘත කරදීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ශ‍්‍රී ලංකා කැණීම් හා පතල් ක්ෂේත‍්‍රයේ නියුතු ඉතා හොඳ කර්මාන්තකරුවන්ට ඇෆ්ගනිස්ථානයට පැමිණ මේවා නිරීක්ෂණය කර, ද්වීපාර්ශවික හවුල් ව්‍යාපාර හා ආයෝජන අවස්ථා ආරම්භ කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරනවා” යැයි පැවසීය.
 
Post Views: 17
Previous Post

එදා තිබ්බ මැතිවරණ ක්‍රමය දුෂිතයි – ජනපති කියයි 

Next Post

ලබන අවුරුද්දේ ඕනම ඡන්දයකට අපි සුදානම් – එජාපය 

editor

editor

Next Post

ලබන අවුරුද්දේ ඕනම ඡන්දයකට අපි සුදානම් - එජාපය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved