27 April 2024
#සංවර්ධන

ඉපලෝගම මාතෘ හා ළමා සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය විවෘත කෙරේ

අනුරාධපුර, ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ඉපලෝගම පලුගස්වැව මාතෘ හා ළමා සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් සභාව රුපියල් ලක්ෂ 550 ක් වැයකර ඇත. පලුගස්වැව මාතෘ හා ළමා සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය සඳහා පළාත් සභා අරමුදල් ලක්ෂ 80ක් වැය කොට ඇත මෙම ගොඩනැගිලි ජනතාව සඳහා විවෘත කිරීමත් සමග ප්‍රදේශයේ ජනතාව හා රජයේ නිලධාරීන්ට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති මෙම ගොඩනැගිල්ල අවශ්‍යතාවය සපිරුණි

මෙම අවස්ථාවට හිටපු ඉඩම් අමාත්‍ය හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එන්.සි. ටී. ආරියරත්න වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්යය මණ්ඩල හා ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ

 

අනුරාධපුර – තිසර

Leave a comment

Your email address will not be published. Required fields are marked *