ඉරානය සමඟ ඇති කරගත හැකි විභව ගිවිසුමක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයන් ඉරානයේ රාජ්‍ය පුවත් සේවයක් වන ‘ෆාර්ස්’ (Fars news agency) විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය “සත්‍ය සහ අසත්‍යයේ මිශ්‍රණයක්” බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.
යෝජිත එකඟතාව යටතේ ඉරානයේ බලගැන්වූ න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ කරන බවට සහ කිසිදු ගාස්තුවකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැව් ගමනාගමනය සඳහා විවෘත කරන බවට ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයන් සාවද්‍ය බවත්, එවැනි කරුණු වත්මන් ගිවිසුම් කෙටුම්පතට (Draft agreement) ඇතුළත් වී නොමැති බවත් ෆාර්ස් පුවත් සේවය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
















