අමෙරිකානු වීසා බලපත්‍ර ලබාගැනීමේදී මතුවූ ගැටලුවක් හේතුවෙන් නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව සිටි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතාට එම සංචාරය අත්හැර දැමීමට සිදුව තිබේ.
මෙම තොරතුර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි මහතා විසින් මාධ්‍ය වෙත තහවුරු කර ඇත. චීනයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති මෙම විශේෂ ආරක්ෂක මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා සූදානමින් සිටියද, පවතින තත්ත්වයන් සහ වීසා නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් ඔහුට මෙම සංචාරය මගහැරී ගොස් ඇත.














