මෙවර මැයි මස 28 වැනිදාට යෙදී ඇති හජ්ජි උත්සවය සහ මැයි මස 30 වැනිදාට යෙදී ඇති වෙසක් උත්සවය නිමිත්තෙන්, බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාවක් සලසා දී තිබේ.
එම දින දෙක තුළ බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන්ට ඔවුන් වෙත ආහාර හා රසකැවිලි රැගෙන ඒමට අවස්ථාව පවතින අතර, එම ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබා දිය යුතුය. මෙම කටයුතු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට සහ බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන තුළ සිදු කරනු ලැබේ.














