ඉරානයට අයත් ලාරාක් දූපතේ පිහිටි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදා මූලස්ථානය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානයේ Fars News පුවත් සේවය තහවුරු කළ බව Mario Nawfal වාර්තා කරයි.
මීට පෙර ඇමෙරිකානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලට අමතරව, දූපත ආසන්නයෙන් නැවතත් නොදන්නා හේතුවක් මත ප්‍රබල පිපිරීම් හඬක් ඇසී ඇති බව ප්‍රදේශවාසීන් පවසා තිබේ. ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර සඳහා මැදපෙරදිග සිටින ඇමෙරිකානු හමුදා දැඩි සූදානමකින් තබා ඇති බව Axios පුවත් සේවය වාර්තා කරන අතර, මෙම ප්‍රහාර මාලාවත් සමග හෝමුස් සමුද්‍රසන්ධිය ආශ්‍රිත ආරක්ෂිත තත්ත්වය අතිශය උග්‍ර අතට හැරී ඇත.














