ඉරානයට එරෙහිව මාස හයක් පුරා ඇදී යන හමුදාමය ක්‍රියාමාර්ග දීර්ඝ කාලයක් පවත්වාගෙන යාම මගින් ඇමෙරිකාවේ අනෙකුත් ගෝලීය ආරක්ෂක ප්‍රමුඛතාවන්ට සහ අභ්‍යන්තර ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වන බවට ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් විසින් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් වෙත දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බව The Washington Post පුවත්පත උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ හමුදා රැඳවුම් 2027 වසර දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කිරීමත් සමග, ඇමෙරිකානු නාවික, ගුවන් සහ පාබල හමුදාපතිවරුන් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය “Too much, for too long” ලෙසයි. පවතින තත්ත්වය හමුවේ ඇමෙරිකානු නාවික හමුදාවේ නාශක නෞකාබලඇණියෙන් සියයට 25ක් පමණක් සූදානම් මට්ටමේ පවතින අතර, Patriot සහ Tomahawk මිසයිල තොග සීඝ්‍රයෙන් ක්ෂය වීම නිසා අනෙකුත් තර්ජනවලට මුහුණ දීමේ හැකියාව සීමා වී තිබේ. කෙසේවෙතත්, පෙන්ටගනයේ ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පානෙල් මෙම වාර්තා අසත්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇත.














