ඉරානයේ සමාජ ඒකාබද්ධතාවට (Social cohesion) හානි වන හෝ ජනතාවගේ මනෝබලය හීන කරන ඕනෑම ක්‍රියාවක් සහ ප්‍රකාශයක් “තහනම්” (Forbidden) බව ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි (Mojtaba Khamenei) රාජ්‍ය නිලධාරීන්ට සහ පාලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කරයි.
එරට රජය වෙත කෙලින්ම පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, රාජ්‍ය පාලනයේදී ඉරානයේ ශක්තිය සහ ස්ථාවරත්වය ප්රමුඛ කර පෙන්විය යුතු අතර, පද්ධතියේ පවතින දුර්වලතා සහ අභ්‍යන්තර ගැටලු ප්‍රතිපත්තිමය වශයෙන් විසඳාගත යුතු මිස ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සතුරාට අවස්ථාවක් ලබා නොදිය යුතු බවයි. පවතින යුධමය සහ දේශපාලනික තත්ත්වයන් හමුවේ රට තුළ අභ්‍යන්තර බෙදීම් ඇතිවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත්, පද්ධතියේ ඇති “බිත්තිවල පැලුම්” අභ්‍යන්තරව පිළිසකර කරගන්නවා මිස පිටතට වී ඒවා පෙන්වමින් නොසිටින ලෙසත් උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි වැඩිදුරටත් අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














