දකුණු ලෙබනනයේ ක්ෆාර් රෙමාන් (Kfar Reman) නගරයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
නබාටියේ (Nabatieh) කලාපයේ පිහිටි මූලෝපායික අලි අල්-තහීර් කඳුවැටිය ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අදාළ කඳුවැටිය යට පිහිටි හිස්බුල්ලා උමං සංකීර්ණයේ පාලනය තමන් සතුකර ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් ප්‍රකාශ කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පසුගිය ජූනි මාසයේදී සටන් විරාම ගිවිසුම් දෙකකට එළඹුණද, ඊශ්‍රායල හමුදාවන් විසින් ටයර් (Tyre) සහ නබාටියේ දිස්ත්‍රික්කවල පිහිටි ගම්මාන සහ නගර ගණනාවකට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි. පසුගිය මාර්තු 02 වනදා ආරම්භ වූ මෙම නව හමුදා මෙහෙයුම් හමුවේ ලෙබනන වැසියන් 4,000කට වැඩි පිරිසක් මියගොස්, 12,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර මිලියන 1කට අධික පිරිසක් අවතැන් වී සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්















