ඉරානයේ දිවංගත උත්කෘෂ්ට නායක (Supreme Leader) අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම සහ උත්කර්ෂවත්ම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට ඉරාන බලධාරීන් මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටී.
මෙම විශේෂ අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර මාලාව එළඹෙන ජූලි මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා තෙහෙරාන් (Tehran), කොම් (Qom) සහ මෂාද් (Mashhad) යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ඔහුගේ දේහය ඉරානයේ ෂියා මුස්ලිම් ප්‍රජාවගේ අතිපූජනීය සහ වැදගත්ම සිද්ධස්ථානයක් වන ‘ඉමාම් රේසා’ (Imam Reza Shrine) පරිශ්‍රයේදී භූමදානය කිරීමට නියමිතව ඇත.
පවතින යුදමය වාතාවරණය, දැඩි ආරක්ෂක අභියෝග, ආගමික ප්‍රතිපත්ති සහ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනකායක් පැමිණීමට නියමිත වීම යන කරුණු හේතුවෙන් අලි කමේනි මියගොස් මාස 3කට වැඩි කාලයක් ගතවන තුරුම ඔහුගේ දේහය භූමදානය නොකර තබා ගැනීමට සිදුව තිබුණි. නූතන ඉරාන ඉතිහාසයේ දැකගත හැකි විශාලතම පොදු ජන ඒකරාශී වීම මෙය වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එරට ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය බලධාරීන් මේ වන විටත් විශේෂ මෙහෙයුම් සැලසුම් සකස් කරමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















