ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියාන් සහ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානි අතර හමුවක් රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වී තිබේ.
ගෑස් අපනයනකාරී රටවල සංසදයේ (GECF) අටවැනි රාජ්ය නායක සමුළුවට සමගාමීව පැවති මෙම හමුවේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඉරාන රාජ්ය මාධ්ය වාර්තා කරයි.
එමෙන්ම දේශපාලන හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම, වෙළෙඳ හුවමාරු පුළුල් කිරීම සහ ගෑස් අපනයනය කරන රටවල් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.















