තායිලන්තයේ සිට මෙරටට ආනයනය කළ මේස ලෑලි තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බව කියන ගංජා සහ හෂීස් මත්ද්රව්ය තොගයක් පෑලියගොඩ රේගු ගුදමකදී සොයාගෙන තිබේ.
තෑගි භාණ්ඩ ලෙස ආනයනය කර තිබූ සැකකටයුතු භාණ්ඩ පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය තොගය හඳුනාගත් බව රේගු නිලධාරීන් සඳහන් කර ඇත.
එහිදී ගංජා ග්රෑම් 2,428ක් සහ හෂීස් ග්රෑම් 12,372ක් රේගු භාරයට ගෙන තිබේ. රේගුවේ ඇස්තමේන්තුව අනුව ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 24ක් වන අතර හෂීස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 133කි. ඒ අනුව සමස්ත වටිනාකම රුපියල් මිලියන 157ක් පමණ වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකු ද රේගු භාරයට ගෙන ඇත.
රේගු මගී සේවා අංශයේ සහ රේගු මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ සඳහන් වේ.













