ඉරානය සමග ඇති කර ගැනීමට නියමිත සාම ගිවිසුමක් යටතේ “හෝමුස් සමුද්‍ර සන්ධිය” සම්පූර්ණයෙන්ම විවෘත වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් බැහැර එකක් බව ඉරානය පවසයි. ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන “ෆාර්ස්” (Fars news agency) මේ බව තහවුරු කර ඇත. අමෙරිකාව සමග යම් හෙයකින් එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹුණද, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තම රට ගෙන ඇති උපායමාර්ගික තීරණ වෙනස් නොවන බව ඉරාන බලධාරීන් අවධාරණය කර සිටී. ජාත්‍යන්තර දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සමුද්‍ර සන්ධිය අත්පත් කර ගැනීම හෝ එහි පාලනය පිළිබඳව මතුව ඇති මතභේදයන් සමථයකට පත් කිරීමට උත්සාහ දරන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් ඉරානය මෙවැනි දැඩි ස්ථාවරයක් ගැනීම කලාපීය ආරක්ෂාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ.
















