මහනුවර ඊ.එල්. සේනානායක වීදියේ ඉන්ධන පිරවුම්හලකට යාබදව පිහිටි මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක දෙවන මහලේ තිබූ කොන්ක්‍රීට් බැල්කනි කොටසක් අද (24) පෙරවරු 11.30ට පමණ කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මෙම කොන්ක්‍රීට් කැබැල්ලට යට වී ඇති අතර, අසල සිටි පිරිස් විසින් එක් අයෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














